පැරණි අමනාපකමක් උඩ එයි.. දෙදෙනෙක් අතර ඇතිවූ ගැටුමෙන් එක් අයෙක් ජීවිතයෙන් සමු.ගනී..

ඒ සිදුවීමෙන් දින කිහිපයකට පසු ඇසෙන්නේ වෙනස්ම කතාවක්.

ඔහුගේ ජීවිතය  උදුරාගත්ත වරද කාගේද..? ප්‍රදේශයක් කම්පනයට පත් කල සිදුවීමක් ගැන ඇසෙන ඒ කතාව මොකක්ද..?

සූරියවැව, අන්දරවැව උස්ගල ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් බරපතල තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (17) අලුයම මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, අන්දරවැව, උස්ගල ලිපිනයේ පදිංචිව සිටි එදිරිමාන්නගේ රවීන්ද්‍ර කුමාර නැමති අයෙක්.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා ඊයේ (16) රාත්‍රී සිය සහෝදරියගේ නිවසට ගොස් ඇති බවයි.

එහිදී ඔහු සිය සහෝදරියගේ සැමියා (මස්සිනා) සමඟ මත්පැන් පානය කරමින් සිටියදී, දෙදෙනා අතර පැවති පැරණි අමනාපකමක් මතුවීමෙන් මෙම ආරවුල හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු සහ මරණකරු අතර ඇති වූ බහින්බස්වීම සමතයකට පත් කිරීමට සැකකරුගේ බිරිඳ උත්සාහ කර ඇති නම්, එහිදී සැකකරු විසින් සිය බිරිඳටද පහර දී ඇති බවත්, එයින් ඇය සිහිමුර්ජා වී බිම ඇද වැටී ඇති බවටත් කරුණු හෙළිවූ බව පොලිසිය පවසනවා.

අනතුරුව සැකකරු විසින් සිය මස්සිනාට ද අමානුෂික ලෙස පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරු ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

රෝහල් බලධාරීන් විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 45 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 497 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 101 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 863 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 186 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 835 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්