දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද පහළ ගොස් තිබුණා. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ මිලදී ගන්න හොඳ වෙලාවක්ද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු විශේෂ කතාවයි.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,418,258.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 366,900.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,030.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,870.00ක් සහ රුපියල් 43,780.00ක් ලෙසයි සඳහන් වූයේ.

















