ඔහුගේ ජීවිතය උදුරාගත්ත වරද කාගේද..? ප්‍රදේශයක් කම්පනයට පත් කල සිදුවීමක් ගැන ඇසෙන ඒ කතාව මොකක්ද..?
සූරියවැව, අන්දරවැව උස්ගල ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් බරපතල තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (17) අලුයම මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, අන්දරවැව, උස්ගල ලිපිනයේ පදිංචිව සිටි එදිරිමාන්නගේ රවීන්ද්‍ර කුමාර නැමති අයෙක්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා ඊයේ (16) රාත්‍රී සිය සහෝදරියගේ නිවසට ගොස් ඇති බවයි.
එහිදී ඔහු සිය සහෝදරියගේ සැමියා (මස්සිනා) සමඟ මත්පැන් පානය කරමින් සිටියදී, දෙදෙනා අතර පැවති පැරණි අමනාපකමක් මතුවීමෙන් මෙම ආරවුල හටගෙන තිබෙනවා.
‘
එම අවස්ථාවේදී සැකකරු සහ මරණකරු අතර ඇති වූ බහින්බස්වීම සමතයකට පත් කිරීමට සැකකරුගේ බිරිඳ උත්සාහ කර ඇති නම්, එහිදී සැකකරු විසින් සිය බිරිඳටද පහර දී ඇති බවත්, එයින් ඇය සිහිමුර්ජා වී බිම ඇද වැටී ඇති බවටත් කරුණු හෙළිවූ බව පොලිසිය පවසනවා.
අනතුරුව සැකකරු විසින් සිය මස්සිනාට ද අමානුෂික ලෙස පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරු ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
රෝහල් බලධාරීන් විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
















