දෙමාපියන්ගේ දෑස්වල කඳුළු පුරවන්නට ගිය ඒ අවාසනාවන්ත මොහොත! අඩි 50ක් පහළට වැටුණු ඇයට වෙච්ච දේ මෙන්න.

හෝර්ටන්තැන්න ලෝකාන්තය නරඹන්න ගිය කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවියකට මුහුණ දෙන්න වුණු අදහාගත නොහැකි අනතුරක් ගැනයි මේ පුවත වාර්තා වෙන්නේ. සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිහින් අඩි දහස්..

හෝර්ටන්තැන්න ලෝකාන්තය නරඹන්න ගිය කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවියකට මුහුණ දෙන්න වුණු අදහාගත නොහැකි අනතුරක් ගැනයි මේ පුවත වාර්තා වෙන්නේ.

සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිහින් අඩි දහස් ගණනක් ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටෙන්න ගිය ඇයව බේරුණේ ඇත්තටම හාස්කමකින් වගෙයි.

අද (19) උදෑසන 9:00 ට විතර තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක ලෝකාන්තය බලන්න ගිය 23 හැවිරිදි මේ සිසුවිය, ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ ඉඳන් සෙල්ෆි එකක් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවේ අවාසනාවන්ත විදිහට කකුල ලිස්සා ගිය ඇය, අඩි 50ක් විතර පහළ ප්‍රපාතයට ඇද වැටී තිබෙනවා.

නමුත් ඇයගේ වාසනාවට, ඇය ඒ අසල තිබුණු ගසක අත්තක පැටලී මරණයත් ජීවිතයත් අතර සටනක යෙදෙමින් එල්ලී සිටීමට සමත් වෙලා තියෙනවා.

මේ අනතුර දුටු හෝර්ටන්තැන්න උද්‍යානයේ රියදුරු මහතෙක් තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා වහාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔහු වහාම බෑවුමෙන් පහළට බැස, අත්තක එල්ලී සිටි සිසුවියව ආරක්ෂිතව පහළට ගෙන බෑවුමේ තිබුණු ස්ථාවර ගලක් මත වාඩි කරවන්න සමත් වෙලා තියෙනවා.

අනතුරුව පට්ටිපොළ පොලිසිය, නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයින්, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ වනජීවී නිලධාරීන් එක්ව පැය ගණනාවක දැඩි පරිශ්‍රමයකින් පස්සේ ඇයව නිරුපද්‍රිතව ගොඩට ගැනීමට සමත් වුණා.

දැන් ඇය නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වාසනාවකට මෙන් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports