ලොවක් කැළඹූ ඒ සම්බන්ධතාවය අවසන්.. “ඔහු මට බොරු කළා” ක්රිස්ටින් හෙළි කරයි..

2025 වසරේ අන්තර්ජාලය උඩුයටිකුරු කළ “Coldplay Kiss Cam” සිදුවීමේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටින් කැබොට් (Kristin Cabot), එම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ විශේෂ..

2025 වසරේ අන්තර්ජාලය උඩුයටිකුරු කළ “Coldplay Kiss Cam” සිදුවීමේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටින් කැබොට් (Kristin Cabot), එම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඇය පවසන්නේ එදින තම ප්‍රධානියා ගත් එක් වැරදි තීරණයක් නොවන්නට මෙම සිදුවීම මෙතරම් බරපතළ Scandal බවට පත් නොවීමට ඉඩ තිබූ බවයි.

මෙම සිදුවීම කරළියට පැමිණියේ ප්‍රසංගය නරඹමින් සිටියදී කැමරාව ඔවුන් දෙසට යොමු වූ සැණින් බයිරන් කලබලයට පත්ව ක්‍රිස්ටින්ගෙන් ඉවතට ඇදී යාමත් සමඟයි. එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගිය අතර, ඔවුන් දෙදෙනාම විවාහකයන් බවත් එකම ආයතනයේ ඉහළ නිලධාරීන් බවත් පසුව අනාවරණය වුණා. මෙම සිදුවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාටම තම රැකියා අහිමි වූ අතර ඔවුන්ගේ පවුල් ජීවිත ද දැඩි අර්බුදයකට ලක්වුණා.

ප්‍රකට රූපවාහිනී නිවේදිකා ඕප්රා වින්ෆ්‍රි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රිස්ටින් කැබොට් ප්‍රකාශ කළේ තමා බයිරන් සමඟ පැවැත්වූ සබඳතාව දැන් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි. බයිරන් තමාට වංචා කළ බවත් ඔහු තමාට බොරු කියා ඇති බවත් ඇය එහිදී සඳහන් කළා.

“ඔහු ඔහුගේ බිරිඳගෙන් වෙන් වී සිටින බව මට පවසා තිබුණා. මම ඔහු විශ්වාස කළා. නමුත් ඔහු මට පැවසූ සියල්ල බොරු,” යනුවෙන් ඇය පවසා ඇති අතර, බයිරන් පැවසූ එම “බොරුව” කුමක්දැයි ඇය නිශ්චිතව හෙළි නොකළ ද, ඔහු තවමත් තම බිරිඳ සමඟ සබඳතා පවත්වමින් සිටියදී තමා මුලා කළ බව ඇයගේ ප්‍රකාශවලින් ගම්‍ය වෙනවා.

ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක් වන Astronomer හි කීර්තිනාමයට මෙයින් දැඩි හානි පැමිණි අතර, ආයතනික විනය උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනාම තනතුරුවලින් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා. මෙම සිදුවීම ආයතනයක් තුළ ප්‍රධානීන් අතර පවතින සබඳතා (Workplace Romances) පිළිබඳව ලොව පුරා අලුත් කතිකාවතක් ද නිර්මාණය කළා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ සමාජ මාධ්‍ය සමාගම් මෙවැනි පුද්ගලික සිදුවීම් හරහා ලැබෙන ‘Engagement’ මගින් විශාල ලාභයක් ලබන නමුත්, ඉන් විනාශ වන පුද්ගල ජීවිත පිළිබඳව ඔවුන්ට වගකීමක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports