මැදපෙරදිග යුද ගින්න මැද ට්‍රම්ප්ගෙන් ආපු පණිවිඩය මෙන්න! ප්‍රහාර සියල්ල දින පහකට කල් යයි.

ලෝකයම හුස්ම හිරකරගෙන බලාගෙන හිටියේ අමෙරිකාවයි ඉරානයයි අතරේ යුද්ධයක් පටන් ගනීවිද කියලා.

ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න ඇමෙරිකානු හමුදාව සේරම ලෑස්ති කරලයි තිබුණේ. හැබැයි අන්තිම මොහොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සේරම වෙනස් කළා.

ධවල මන්දිරයේ ඉඳලා විශේෂ ප්‍රකාශයක් කරපු ට්‍රම්ප්, තමන්ගේ යුද දෙපාර්තමේන්තුවට නියෝග කරලා තියෙන්නේ සැලසුම් කරපු හැම ප්‍රහාරයක්ම දින පහකට “Pause” කරන්න කියලා. ට්‍රම්ප් කියන විදිහට මේ තීරණය අරගෙන තියෙන්නේ ඉරානය එක්ක දැනට කෙරීගෙන යන සාකච්ඡාවල යම් ප්‍රගතියක් තියෙන නිසාලු.

සාමාන්‍යයෙන් ට්‍රම්ප් තමන්ගේ හිතේ තියෙන දේ කෙළින්ම කියන්නේ ‘Truth Social’ ජාලයේනේ. ඔහු ඒකේ සටහනක් දාලා කියලා තියෙන්නේ පසුගිය දින දෙකේ ඉරානය එක්ක කරපු සාකච්ඡා “ඉතා යහපත් සහ ඵලදායී” මට්ටමක තිබුණා කියලා. “ගැඹුරු, විස්තරාත්මක වගේම නිර්මාණාත්මක” විදිහට මේ සාකච්ඡා සිද්ධ වුණා කියලයි ට්‍රම්ප් ලෝකෙටම කියන්නේ.

මේ සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පවත්වන්න ට්‍රම්ප් තීරණය කරලා තියෙනවා. හැබැයි ට්‍රම්ප් පොඩි අනතුරු ඇඟවීමකුත් කළා. ඒ තමයි, මේ ප්‍රහාර කල් තැබීම වලංගු වෙන්නේ ඉදිරි සාකච්ඡාවල සාර්ථකත්වය මත විතරයි කියලා. ඒ කියන්නේ සාකච්ඡා වැරදුණොත් ආයෙත් “වැඩේ” පටන් ගන්න ට්‍රම්ප් දෙපාරක් හිතන්නේ නැහැ කියන එකයි.

මූලාශ්‍ර-අල්ජසීරා
  • Related Posts

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 231 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 47 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 644 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1040 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 12 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 95 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…