රාජ්‍ය ආයතන සඳහා නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත

ලෝකයේ පවතින යුධමය වාතාවරණය හමුවේ ලංකාව මුහුණදී සිටින්නේද අර්බුදකාරී තත්වයන් බොහෝමයකටයි.

මේ වන විට පවතින අර්බුදකාරී තත්වයත් එක්ක මෙරට බොහෝ පි‍රිස් ඊට සූදානම් වෙමින් පවතිනවා.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින්, බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එහිදී ප්‍රවාහන සහ ඉන්ධන කළමනාකරණය යන කාණ්ඩය යටතේ,

නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද (Carpooling) භාවිතා කළ යුතු බවත්,

රැස්වීම් සහ සාකච්ඡා සඳහා නිලධාරීන් දුර බැහැර සිට කැඳවීම සීමා කළ යුතු අතර, ඒ සඳහා Zoom, Google Meet වැනි තාක්ෂණික ක්‍රමවේද අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු බවත්,

තොරතුරු හුවමාරුව සඳහා විද්‍යුත් තැපෑල (E-mail) හෝ WhatsApp වැනි ක්‍රමවේද භාවිතා කළ යුතු අතර භෞතිකව ලිපිලේඛන ප්‍රවාහනය අවම කළ යුතු බවත්,

රාජ්‍ය අංශය සතුව ඇති වාහන 92,000 කින් දිනකට ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කරගතහොත්, වසරකට ඉන්ධන ලීටර් මිලියන 110 ක් පමණ ඉතිරි කරගත හැකි බවත් එහි පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, විදුලිය සහ බලශක්ති සංරක්ෂණය යන කාණ්ඩය යටතේ,

සියලුම වායුසමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක පවත්වා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

රාජකාරී වේලාව තුළ දිනකට අවම වශයෙන් පැය 01 ක් හෝ 02 ක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු අතර, හැකි සෑම විටම විදුලි පංකා භාවිතා කළ යුතු බවත්,

වෙළඳ දැන්වීම් පුවරු සහ ප්‍රචාරණ තිර රාත්‍රී 09.00 න් පසු අක්‍රීය කළ යුතු අතර, දිවා කාලයේදී ආයතනවල ඇති රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා විරහිත කර තැබිය යුතු බවත්,

වීදි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දැමීමට කටයුතු කළ යුතු අතර, අධි ආරක්ෂක කලාපවල හැර අනෙකුත් මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට පියවර ගන්නා බවත්,

විදුලි සෝපාන (Lifts) භාවිතය අවම කර පියගැට පෙළ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු බව මෙන්ම තවත් කරුණු (පහතින් අමුණා ඇත) ඇතුළත්.

පවතින ගෝලීය තත්ත්වය හමුවේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සියලුම රාජ්‍ය නිලධාරීන් මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරනවා.

සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව ඇතුලත් නිවේදනය පහතින්,

  • Related Posts

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 42 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 599 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 123 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 706 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 90 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1013 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…