පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් ගැන ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණයෙන් ඇසෙන කතාව මෙන්න…

මේ කියන්න යන්නේ අද දවසේ ඇසුණු තවත් එක් විශේෂ ආරංචියක්.

පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ආසන්නයේ අඟහරුවාදා රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා.

මෙම කම්පනයත් සමඟ එරට අගනුවර අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ නමුත් සුනාමි තර්ජනයක් ඇති නොවන බවයි පසුව වාර්තා කළේ.

ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ටොංගා ගුවන්විදුලි සංස්ථාව (TBC) නිකුත් කළ දර්ශනවල දැක්වෙන්නේ, පසුබිමින් අනතුරු ඇඟවීමේ සංඥා නාද වෙද්දී අගනුවර වන නුකුඇලෝෆා (Nuku’alofa) වැසියන් ගොඩනැගිලිවල වහලවල් මතට රැස්ව සිටින අයුරුයි.

ටොංගා ජාතික ආපදා අවදානම් කළමනාකරණ කාර්යාලය වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ජනතාවට වහාම උස් බිම් වෙත හෝ ගොඩබිම දෙසට යන ලෙස උපදෙස් දී තිබුණා.

කෙසේ වෙතත්, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පසුව ප්‍රකාශ කළේ, “භූමිකම්පාව පෘථිවිය අභ්‍යන්තරයේ ඉතා ගැඹුරින් සිදුව ඇති බැවින් සුනාමි තර්ජනයක් නොමැති” බවයි.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාව කිලෝමීටර් 238 ක් (සැතපුම් 148 ක්) පමණ ගැඹුරින් සිදුව ඇති අතර, එහි කේන්ද්‍රය නෙයියාෆු (Neiafu) නගරයේ සිට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටා තිබුණා.

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 46 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 515 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 104 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 873 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 188 views

    • 839 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්