ඉරානේ එක්ක සාම ගිවිසුම් වලට අපි නෑ – නෙතන්යාහු

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර “ඵලදායී සාම සාකච්ඡා” සඳහා අවස්ථාව සලසමින් ඇමෙරිකාව සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහකට කල් දමා ඇතත්, ඉරානය සහ..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර “ඵලදායී සාම සාකච්ඡා” සඳහා අවස්ථාව සලසමින් ඇමෙරිකාව සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහකට කල් දමා ඇතත්, ඉරානය සහ ලෙබනනය වෙත එල්ල කරන ප්‍රහාර නතර නොකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත.

ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළේ, ඇමෙරිකාව සටන් විරාමයක් පිළිබඳව සලකා බලමින් සිටියද, ඊශ්‍රායලය තම අත්‍යවශ්‍ය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි.

පසුගිය පැය 48 තුළ ඉරානය විසින් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්වා දුන් නෙතන්යාහු, මෙය ඉරානය මුළු ලෝකයටම තර්ජනයක් බවට සපයන සාක්ෂියක් බව ද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම, සෙනසුරාදා රාත්‍රියේ ඊශ්‍රායලයේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය අසල පිහිටි ජනාවාස දෙකකට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව මූලාශ්‍ර සඳහන් කරයි. මීට අමතරව, සඳුදා දිනය තුළ පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඉරාන මිසයිල 7ක් සහ ඩ්‍රෝන යානා 16ක් වළක්වා ඇති අතර, එමගින් ඉරානයේ ප්‍රහාරක හැකියාව තවමත් සක්‍රීය මට්ටමක පවතින බව තහවුරු වේ.

මේ අතර, තමන් සෘජු සාකච්ඡාවල නිරත වන බවට ට්‍රම්ප් කරන ප්‍රකාශ ඉරානය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසන්නේ ඇමෙරිකාව සිය ප්‍රහාරක සැලසුම් ක්‍රියාත්මක කිරීමට කාලය ලබා ගැනීම සඳහා මෙලෙස ප්‍රකාශ කරන බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන විනාශ කරන බවට ට්‍රම්ප් කළ තර්ජනයෙන් ඔහු පසුබැස ඇත්තේ ඉරානයේ ප්‍රතිප්‍රහාර හමුවේ ඇති වූ බිය නිසා බව ද ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවත් මෙම ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලයේ ටෙල් අවිව් ඇතුළු ප්‍රදේශ රැසක ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ අතර, ආරක්ෂක පද්ධති මගින් මිසයිල විනාශ කිරීමේදී ඇතිවූ පිපිරුම් හඬ නගර පුරා රැව් දුන් බවත්ය.

උතුරු ඊශ්‍රායලයේ නිවාස කිහිපයකට මිසයිල සුන්බුන් පතිත වීමෙන් හානි සිදුවුවද, ප්‍රහාරයෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

පසුගිය සඳුදා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මැදපෙරදිග පවතින සතුරුකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය සමඟ ඉතා යහපත් සහ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉරානයේ බලශක්ති පද්ධතියට ප්‍රහාර එල්ල කිරීමට ගෙන තිබූ තීරණය දින පහකට කල් දැමූ බවද සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බාකර් කලීබාෆ් මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. ඇමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, මූල්‍ය සහ තෙල් වෙළඳපොළ හැසිරවීම සඳහා ඇමෙරිකාව “ව්‍යාජ පුවත්” (Fakenews) භාවිතා කරන බවත් ඔහු චෝදනා කළේය.

මේ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළේ ඇමෙරිකානු ඉලක්ක වෙත නව ප්‍රහාර දියත් කරන බවයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් තේහරානයේ සටන්කාමී පියවරයන්ට බලපෑමක් නොකරන “කල් ඉකුත් වූ මනෝවිද්‍යාත්මක මෙහෙයුම්” බව ඔවුහු හඳුන්වා දුන්හ.

ඉරානයේ සහ වොෂින්ටනයේ පරස්පර ප්‍රකාශ හේතුවෙන් අඟහරුවාදා වන විට ගෝලීය වෙළඳපොළ යළිත් අස්ථාවර විය. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට ඉරානය කළ තර්ජනයත් සමඟ බලශක්ති සැපයුම පිළිබඳ බිය යළි මතු වී ඇත.

 

ඒ අනුව, ‘බ්‍රෙන්ට්’ (Brent) වර්ගයේ බොරතෙල් මිල 4.2% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 104.21 ක් දක්වා වාර්තා වූ අතර, ඇමෙරිකානු බොරතෙල් මිල 4.3% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 91.93 ක් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports