ග්‍රහලොව හැඩකාරිය සිකුරු අද මේෂ රාශියට.. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙන්න හරියටම දැනගන්න..

දැනගන්න කැමතියිද අද දවසේ සිදුවුණු ඒ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට කොහොමද කියලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. සිකුරු ග්‍රහයා තමාගේ සම රාශියක් මේෂ රාශියට..

දැනගන්න කැමතියිද අද දවසේ සිදුවුණු ඒ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට කොහොමද කියලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.


සිකුරු ග්‍රහයා තමාගේ සම රාශියක් මේෂ රාශියට 2026.03.26 පෙ.ව. 5.02 ට ගෝචර වෙනවා. එතැන් පටන් සිකුරු සෙන්පතිගේ නිවහන තුළ දින 25 ක් රැඳී සිටිනවා. මේ කියන්න යන්නේ අද දවසේ සිදුවුණු ඒ ග්‍රහ මාරුව ගැන විශේෂ ආරංචියක්.

මෙහිදී ලග්නගතව කුජ, බුධ, රාහු ද, දෙවැන්නේ රවි, ශනි ද, තෙවැන්නේ සිකුරු ද, පස්වැන්නේ සඳු, ගුරු ද, හත්වැන්නේ කේතු ද මෙසේ ගමන් ගෙන තබුණි. ප්‍රසිද්ධ කලාකරුවන්ට යහපත් නැහැ. බොහෝ විට එවැනි අය සම්බන්ධ කනගාටුදායක පුවත් පවා ඔබට ඇසෙන්නට පිළිවන. ග්‍රහ මාරුව සිදුවන මොහොත වන විට අද නැකත පවතින අතර අද නැකත වනාහි ලෝහිත වර්ණ ස්ත්‍රීලිංග කෲර ගති ඇති තාරකා එකකින් යුත් නැකතකි. සමහර අවස්ථා වලදී රජය දැඩි තීන්දු ගන්නා අවස්ථා පවතින බව පෙනේ.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ තුන්වෙනි භාවය තුල කුජ ගෝචර වේ. ඒ අනුව පොදු ප්‍රවාහනය, ප්‍රවෘත්ති පත්‍ර යන ස්ථාන වල ගැටලු ඇති වන පුවත් ද අසන්නට ලැබේ. මෙයට අමතරව ගිණි විපත්, අවි ආයුධ වලින් කෙරෙන හිංසන ගැනද ඔබට නිරන්තරයෙන් අසන්නට ලැබේ. පාසල් මෙන්ම සරසවි ආශ්‍රිතවද ගැටලු ඇති වීමට ඉඩ පවතිනවා. ප්‍රබල භූ කම්පන මාලාවන් පවා අසන්නට ලැබෙන කාලයක් ද වෙනවා.

ඒ අනුව සිකුරුගේ මේෂ රාශිගත වීම ලග්න 12ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබ කේන්ද්‍රයේ 7 අධිපති වෙමින් ලග්නගතව සිකුරු ගෝචර වේ. වෙනදාට වඩා ප්‍රියමනාප බවක් ඔබ තුළින් දැක ගත හැක. ලැබීම් සහිතයි. රැකියාවේ මානසික පීඩා ඇති කරයි.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් දොළොස්වැන්න තුළ සිකුරු ගෝචර වේ. යම් යම් අසනීප තත්ත්ව හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට සිදුවන කාලයක් ද වේ. ලැබීම් සහිතයි.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබ කේන්ද්‍රයේ 5 අධිපති වෙමින් එකොළොස්වැන්න තුළ බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට ඉතා යහපත් වේ. ලැබීම් සහිතයි.

කටක ලග්නය

කටක ලග්න ඔබ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා වෙමින් කර්මස්ථානගතව හෙවත් දහවැන්න තුළ සිකුරු ගෝචර වේ. රැකියාවේ ගැටලු ඇති කරයි. ලග්නාධිපති දුබලව පැවතීම මත සිතේ සතුට අඩු ගතිය සහ මානසික පීඩා ඇති කරයි.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබ කේන්ද්‍රයේ 3 අධිපති වෙමින් නමවැන්න තුළ සිකුරු ගෝචර වේ. බාල සහෝදරයන්ගෙන් ඔබට උදව් හිමි විය හැකි කාලයක් ද වේ. යටිපතුල් ආශ්‍රිතව අසනීප තත්ත්ව ඒමට පු`ඵවන. තරමක් දුරට ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ 2 අධිපති වෙමින් අටවැන්න තුළ සිකුරු ගෝචර වේ. තමාගේ තත්වයට, කීර්තිනාමයට හානි ඇති වන පුවත් අසන්නට ලැබිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. රැකියාව තුළ ඔබට ප්‍රධානත්වය හිමි වේ. හවුල් ව්‍යාපාර වලින් ඔබට අවාසි, පාඩු ඇති කරයි.

තුලා ලග්නය

තුලා ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් හත්වැන්න තුළ සිකුරු ගෝචර වේ. ඔබ විවාහ වීමට සිටි අයෙක් නම් මංගල සිහින උදාවන බවක් ද පෙනේ. ආගමික කටයුතුවල සහසම්බන්ධව කටයුතු කිරීමේ හැකියාවක් ද පවතින කාලයක් වේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් හය වැන්න තුළ සිකුරු ගෝචර වේ. සතුරු කරදර ඒමට පිළිවන් කාලයක් ද වේ. ඔබ කරන කියන කටයුතුවල ද යම් යම් බාධක, අවහිර ද ඇති විය හැකිය.

ධනු ලග්නය

ධනු ලග්න ඔබ කේන්ද්‍රයේ 11 වැන්න අධිපති වෙමින් 5 වැන්න තුළ සිකුරු ගෝචර වේ. යම් යම් අවස්ථාවලදී ඔබ කෙලින් තීන්දු තීරණ ගන්නා කාලයක්ද වේ.

මකර ලග්නය

මකර ලග්න ඔබ කේන්ද්‍රයේ යෝග කාරක ග්‍රහයා වෙමින් හතරවැන්න තුළ සිකුරු ගෝචර වේ. රැකියාවේ උසස් තනතුරු, ලාභ පවා ඔබට ලැබිය හැකි බවක් ද පෙනේ. තරමක් දුරට ඔබගේ වචන ආවේගශීලී වීමට ඉඩ පවතී. උදරය, යටි පතුල් ආශ්‍රිත අසනීප තත්ත්ව ඒමට පිළිවන.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබ කේන්ද්‍රයේ තුන්වැන්න තුළ සිකුරු ගෝචර වේ. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැකි වේ. ඔබට බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර හිමි වන බවක් ද පෙනේ.

මීන ලග්නය

මීන ලග්න ඔබ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් දෙවැන්න තුළ සිකුරු ගෝචර වේ. ඔබට ඔප්පු තිරප්පු වලින් ලැබීම් ලැබිය හැකි කාලයක් ද වේ. වියදම් අධික වීමට ඉඩ පවතින කාලයක්ද වේ. ඔබට පපුව, පෙනහ`ඵ ආශ්‍රිතව අසනීප ඒමට පිලිවන. සමහර විට රෝහල්ගතව ප්‍රතිකාර කර ගැනීමට සිදු වන බවක් ද පෙනේ.

දිවයින පුවත්පත ඇසුරෙන්..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports