මහකුඹුක්කඩවල, සොහොන්කල්ම ප්‍රදේශයෙන් අද උදෑසන වාර්තා වූයේ මුළු රටම කම්පනයට පත් කරවන අතිශය සංවේදී පුවතකි.
0පියෙකු සහ පුතෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, පියා විසින් එල්ල කළ දරුණු පොරෝ පහරකින් 26 හැවිරිදි තරුණයෙකු මෙලොව හැර ගොස් තිබේ.
ඊයේ (26) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේම පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
විමර්ශන වලදී හෙළි වී ඇති තොරතුරු වලට අනුව, මියගිය තරුණයා සහ ඔහුගේ 63 හැවිරිදි පියා නිවසේ සිට එකට මත්පැන් පානය කරමින් සිට ඇත. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ සුළු ආරවුලක් පාලනය කරගත නොහැකි මට්ටමට ඔඩුදුවා ඇති අතර, කෝපයට පත් පියා නිවසේ තිබූ පොරවකින් තම පුත්‍රයාට පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 63ක් වන සැකකාර පියා මහකුඹුක්කඩවල පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිතයි.
මහකුඹුක්කඩවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.





