මහපොළොව නූහුලන අපරාධයක්.. පිය සෙනෙහස කොහේ ගියාද? තත්පරයක කේන්තිය ජීවිතයක් බිලිගත් ඒ අවාසනාවන්ත මොහොත….

මහකුඹුක්කඩවල, සොහොන්කල්ම ප්‍රදේශයෙන් අද උදෑසන වාර්තා වූයේ මුළු රටම කම්පනයට පත් කරවන අතිශය සංවේදී පුවතකි.

0පියෙකු සහ පුතෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, පියා විසින් එල්ල කළ දරුණු පොරෝ පහරකින් 26 හැවිරිදි තරුණයෙකු මෙලොව හැර ගොස් තිබේ.

ඊයේ (26) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේම පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

විමර්ශන වලදී හෙළි වී ඇති තොරතුරු වලට අනුව, මියගිය තරුණයා සහ ඔහුගේ 63 හැවිරිදි පියා නිවසේ සිට එකට මත්පැන් පානය කරමින් සිට ඇත. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ සුළු ආරවුලක් පාලනය කරගත නොහැකි මට්ටමට ඔඩුදුවා ඇති අතර, කෝපයට පත් පියා නිවසේ තිබූ පොරවකින් තම පුත්‍රයාට පහර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 63ක් වන සැකකාර පියා මහකුඹුක්කඩවල පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිතයි.

මහකුඹුක්කඩවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 45 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 470 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 98 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 857 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 184 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 831 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්