කිරුළක් දරන්න ලොකු ආසාවක් හිතේ තිබුණා මේ දවස් වල ගිත්මා ගැන ඇහෙන අලුත්ම ආරxචිය මෙන්න…

හැමෝම වගේ අහනවා ඒ මගේ ඇත්තම බබාද කියලා…! ටෙලි තිරය වර්ණවත් කරන ආකර්ෂණීය නිළියන් රොත්ත අතර සුන්දරම නිළියක් වන ගීත්මා බණ්ඩාරව ඔන්න බොහොම වෑයමින් ‘හාට්’..

හැමෝම වගේ අහනවා ඒ මගේ ඇත්තම බබාද කියලා…!

ටෙලි තිරය වර්ණවත් කරන ආකර්ෂණීය නිළියන් රොත්ත අතර සුන්දරම නිළියක් වන ගීත්මා බණ්ඩාරව ඔන්න බොහොම වෑයමින් ‘හාට්’ එකේ කතාබහකට කොටුකර ගත්තා. පෙනුම ටිකක් ආඩම්බරේට තිබුණට ගීත්මා හරිම නිරහංකාරයි. ආරංචියේ හැටියට මේ දවස්වල ඈ හුඟක්ම කාර්යබහුලයි. ඒ හින්දයි ඇයව කතාබහට එකතු කරගන්න ටිකක් විතර වෙහෙසෙන්න වුණේ. කොහොමත් ඉතින් බොහොම සුහදව මේ සුන්දර නිළි කෙල්ල හදවතින්ම අප හා දොඩමලු වුණා.Sri Lanka Latest News

කොහොමද කියන්නකො ඉතින් මේ දේවස්වල ජීවිතේ?
ජීවිතේ හරිම සුන්දරයි. ඒ වගේම සරලව ගෙවෙනවා. රංගන ශිල්පිනියක් විදියට මම ඒ සරල සුන්දරත්වය රසවිඳිනවා.
පහුගිය දවස්වල නිතර හොස්පිට්ල් එකට යන එන කතාවක් ගැන ආරංචි වුණා ගීත්මා?
අනේ ඔව්නේ. ඒ හින්දමයි ‘මව්රට’ ‘හාට්’ එකේ ඉන්ටර්විව් එකට කාලය හොයාගන්න අමාරු වුණේ.
අසනීපෙන්ද පහුගිය දවස්වල හිටියේ?
අසනීප වුණේ මම නෙවෙයි. අපේ අම්මා. ප්‍රෙෂර් හොඳටම වැඩිවෙලා. දවස් දෙක තුනක්ම ප්‍රෙෂර් පෙති බීලත් නැහැ. ඉතින් අම්මව අරන් පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න වුණා. කවුරු කොහොම ළඟ හිටියත් එයාට මමත් ඉන්නම ඕනේ.
එහෙම නම් ඒ දුවව ළඟින් තියාගන්න කරපු ටි්‍රක් එකක්?
හරියටම හරි. හැමෝම ඒක දන්නවා කොහොමත්?
ඒ කියන්නේ අම්මා එක්ක කාලය ගතකරන්න බැරිවෙන තරමටම ගීත්මා බිසී වෙලා?
ඇත්තටම කියනවා නම් පුදුම වැඩ ගොඩක ඉන්නේ. විකාශය වන ටෙලි හතරක ෂූටින් එක දිගට වැටෙනවා. ඒ අතර අවුරුදු වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ඒ හැම දේම ගානට බැලන්ස් කරගෙන යනවා. මොකද කියනවා නම් මම භාරගත්ත සහ ගන්න බලාපොරොත්තු වන නිර්මාණවලට මගේ ප්‍රමාදයකින් වරදක් වෙනවා දකින්න මම කැමැති නැහැ.

‘සුර දෙටුවෝ’ චිත්‍රපටයටත් යහමින්ම ප්‍රතිචාර ලැබෙනවලු නේද?
හිතුවේ නැති ප්‍රතිචාරයක් තමයි ඒ නම් ලැබෙන්නේ. මට රඟපාන්න තියෙන චරිතයත් මහා ලොකු එකක් නෙවෙයි වුණත් හුඟක් අය ඒ ගැන හරි හරියට කතාබහ කරනවා. අම්මා තාත්තා නැති චූටි දූ කෙනකුට අම්මා කෙනකුගේ සෙනෙහස දෙන චරිතයක් තමයි මම ‘සුර දෙටුවෝ’ ෆිල්ම් එකේ කරන්නේ. හරිම හැඟීම්බරව මම ඒ චරිතය කළා. හැමෝම වගේ මගෙන් මග තොටේදී අහනවා ඒ මගේ ඇත්තම බබාද කියලා. එහෙම අහනකොට මාර සතුටක් දැනෙනවා. මගේ අම්මත් ෆිල්ම් එක බලලා මට කිව්වා මමත් පොඩි කාලේ ඒ චූටි දූ වගෙම තමයි කියලා.
ගීත්මා කලින් චිත්‍රපටවල රඟපාන්නේ නැහැයි කියන මතයක හිටියා?
මුලින්ම චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ආවේ මම ඉගෙනගන්න දවස්වලයි. ඉගෙනීම් කටයුතු අවුල් වෙයි කියලා ඒවා රිජෙක්ට් කෙරුවා. ඉන් පස්සේ තමයි ටෙලිවලට ආරාධනා ආවේ. ‘සංගීතේ’ ටෙලියෙන් පස්සේ දිගින් දිගටම ටෙලි එනකොට චිත්‍රපටවල රඟපාන එක මගහැරුණා. ෆීල්ඩ් එකේ සමහරු මට විහිළුත් කළා. ‘ආ… ගීත්මා රඟපාන්නෙ ටෙලිවල විතරයි, මෙයාට චිත්‍රපට එපාවෙච්ච තාලෙටයි ඉන්නේ…’ කියලා.
ඒත් මම ‘සුර දෙටුවෝ’ ෆිල්ම් එක භාරගත්තේ ලොකු සතුටකින්. එහි කතා තේමාව තුළද තිබුණේ අපූරු ලස්සනක්. එයට පස්සේ තව චිත්‍රපට කිහිපයක්ම මට ලැබුණා. එයින් ‘කල්පනා’ ෆිල්ම් එක ළඟදීම තිරගත වේවි.

මින් ඉදිරියට චිත්‍රපට සඳහා ආරාධනා ආවොත් ඔබ අතින් රිජෙක්ට් වෙන එකක් නැහැ?
කාලවේලාව අනුව. චරිතයේ ස්වභාවය මොකක්ද කියන කාරණය මත එය තීරණය වේවි. කොහොමත් මුල් වතාවට මම මාව සිනමා තිරයක දැක්කේ ‘සුරදෙටුවෝ’ ෆිල්ම් එකෙන්. හරි අමුතු හැඟීමක් ඒ මොහොතේ හිතට දැනෙන්න ගත්තා. මට ආදරය කරන ප්‍රේක්ෂකයොත් ඒ ගැන අපූරු කමෙන්ට්ස් දාලා තිබුණා. කොහොමත් චිත්‍රපට රිජෙක්ට් වුණේ ටෙලිනාට්‍ය අතර හිරවූ නිසා මිසක ඊට ඇති අකැමැත්තක් නිසා නෙවෙයි. අනෙක සිනමා තිරයක තමන්ගේ රූපය විකාශය වීම මේ තරම් සුන්දර හැඟීමක් දැනෙන සිදුවීමක් කියලා මට කලින් හිතිලා තිබුණේ නැහැ. අන්න ඒ හැඟීම තුළත් දැන් දැන් චිත්‍රපටයක රඟපාන්න මොකක්දෝ ලෝභ හැඟීමක් හිතට දැනෙනවා.
ගීත්මා ටිකක් ආඩම්බරයි කියන කතාවකුත් ෆීල්ඩ් එකේ තියෙනවා?
මම… අපොයි කොහොමවත් නැහැ. ඒක වැරැදි ආරංචියක්. මගතොටදි මම මාව වටකර ගන්න ප්‍රේක්ෂකයන්ට ළෙන්ගතු වන ආකාරය දන්නවා නම් කවුරුත් ඔය කතාව කියන එකක් නැහැ.
චරිතයක් භාරගන්නකොට ඔබ යම් සීමා ගැන හිතනවද?
ලොකුවට නම් එහෙම සීමාවක් දාගෙන නැහැ. එහෙමට චරිත තෝරන්න බේරන්න හිතන්නෙත් නැහැ. ඒත් මම හදාගෙන ඉන්න ප්‍රතිරූපයට සහ මගෙ පවුලේ අයට අගෞරවයක් වෙන අන්දමේ චරිත මම භාරගන්නෙත් නැහැ. අධ්‍යක්ෂතුමා ඇතුළු නිෂ්පාදක, තිරපිටපත් රචකයා යන හැමෝම එක්ක කතාබහ කරලා යම් අවබෝධයක් මත තමයි ඇග්‍රිමන්ට් එක සයින් කරන්නේ.
නිළියක් වුණේ හීනයක් බලාපොරොත්තුවක් ඉටුකර ගන්නද?
නිළියක් වෙන්න හීන හෝ බලාපොරොත්තු නම් තිබුණෙ නැහැ. ඒ ගැන ඉලක්කයක්වත් හිත කොනකවත් තිබිලා නැහැ. හැබැයි රූපසුන්දරී තරගයකට යන්න, කිරුළු දරන්න මොකක්දෝ ආසාවක් හිතේ තිබුණා. ඒ නිසයි හිරු අවුරුදු කුමරිය තරගයට ගියේ. එතැනදී ඇඩ්වටීස්මන්ට්වලට ආරාධනා ආවා. ඉන් පස්සේ තමයි ‘සංගීතේ’ ටෙලියේ රඟපාන්නත් ඇරයුම ආවේ. එතැන ඉඳන් හෙමින් හෙමින් ආවා ඉතින්.
ඇත්තම කියන්න ඔබට පෙම්වතෙක් නම් නැතිවෙන්න බැහැ?
ඇත්තමයි මේ කියන්නේ. පෙම්වතෙක් තවම නම් නැහැ. තව කාලයක් යනතුරු ඒ ගැන හිතන්න බලාපොරොත්තුවක් නැහැ.
ඒ තහනමට හේතුව මොකක්ද?
ආදරය කියන්නේ බොහොම උතුම් හැඟීමක්. ආදරය ජීවිතයට එනවා කියන්නේ ඒ වෙනුවෙන් කළ යුතු කැපවීම් සහ පරිත්‍යාග අපට මගහරින්න බැහැ. ඒ වගේම ආදරයට මැදිවෙනවා නම් එය ජීවිතයේ කොටසක් කරගත යුතුයි. අවංකවම කියනවා නම් එහෙම ආදරයක් වෙනුවෙන් කාලය දෙන්න මම තවම හිත හදාගෙන නැහැ.
මට කලාව තුළ තව යන්න තියෙන ගමන බොහෝ දුරයි. ඒ ගමන නිදහසේ සැහැල්ලුවෙන් යායුතුයි. ඒ නිසා තව ටික කාලයක් ඒ ගමන යනවා. ආදරය ගැන ලෝභකමක් හිතුණු දවසක බලමු අපි.
මංගල යෝජනා නම් එනවලු ඔන්න යහමින්?
හදිසි වෙන්නේ නැහැ ඒවා භාරගන්න. බොහොම සුහදව එයින් මගහරිනවා. ආයෙම අපි යාළුවො වගේ ඉන්නවා.

මල්මි කෞෂල්‍යා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports