සෞදි අරාබියේ දැඩි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරේ සාමාන්‍ය පරිදි කටයුතු සිදුවෙමින් පැවතුණා.
නමුත් ඒ නිහඬතාවය බිඳී ගියේ අහස ගුගුරුවන මහා පිපිරුම් හඬවල් මාලාවකින්.
කිසිවෙකුත් නොසිතූ මොහොතක, අහස සුසාරා පැමිණි ඉරාන මිසයිල සහ ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා රංචුවක් ඇමරිකානු හමුදා කඳවුර ඉලක්ක කර ප්‍රහාර එල්ල කළා.
මේ ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් දෙදෙනෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතල බවයි වාර්තා වන්නේ. ජීවිත බේරාගැනීමේ සටනක නිරත සෙබළුන් වෙනුවෙන් මේ වන විට දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතී.
ප්‍රහාරය හුදෙක් සෙබළුන්ට පමණක් සීමා නොවූ අතර, කඳවුරේ නවතා තිබූ ඉන්ධන පිරවුම් ගුවන් යානා කිහිපයකටම දැඩි හානි සිදු වුණා.
ගුවන් සංග්‍රාමයකදී අතිශය වැදගත් වන මෙම යානා වලට හානි වීම, කලාපීය ආරක්ෂක මෙහෙයුම් වලට එල්ල වූ මරු පහරක් ලෙසයි ආරක්ෂක විචාරකයින් පෙන්වා දෙන්නේ.
මුලින් යම් රහස්‍යභාවයක් පැවතුනද, අභ්‍යවකාශයේ සිට ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මගින් මේ විනාශයේ තරම තහවුරු කර ඇති බවයි ඇමරිකානු සහ සෞදි බලධාරීන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.
















