දිගින් දිටම වැඩ් වන බස් ගාස්තු නැවතත් ඉහළට….

ඉන්ධන මිල යළිත් වැඩි කළහොත් පෞද්ගලික බස් ගාස්තුව යළි වහාම ඉහළ නැංවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා..

ඉන්ධන මිල යළිත් වැඩි කළහොත් පෞද්ගලික බස් ගාස්තුව යළි වහාම ඉහළ නැංවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

රජය බස් රථ හිමිකරුවන්ට ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළහොත් බස් ගාස්තු වැඩි නොකිරීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

රජය ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ නැංවීම නිසා පසුගියදා බස් ගාස්තු සංශෝධනයකට යෑමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

බස් රථ සේවකයන් උදේ, දහවල්, සවස ලබාගන්නා ආහාරවල මිල ගණන් ද ඉහළ නැග ඇතැයි ද හෙතෙම කීය.

එසේම බස් රථ අමතර කොටස් මිල ඉහළ යෑමද ටයර්, බැටරි මිල ඉහළ යෑමද දරාගත නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

මෙම සියල්ලෙන්ම අසරණ වන්නේ මගී ජනතාව බවත්, මගී බස් රථ වලට ලබාදෙන ඉන්ධන සහනදායී මිලකට ලබාදීමට රජය හැම මොහොතකම මැදිහත් වන්නේ නම් මගී ජනතාවට සහනයක් ලබාදිය හැකි බවත් සභාපතිවරයා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports