රජයේ දොස්තරලාගේ වැඩ වර්ජනය අරඹයී….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම දීපව්‍යාප්තව සිදුකරන පැය 24ක සංකේත වර්ජනය අද (31) පෙරවරු 8.00ට ආරම්භ වුණා. නීතීවිරෝධී ලෙස සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක්..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම දීපව්‍යාප්තව සිදුකරන පැය 24ක සංකේත වර්ජනය අද (31) පෙරවරු 8.00ට ආරම්භ වුණා.

නීතීවිරෝධී ලෙස සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.

අද (31) පෙරවරු 8.00 සිට ආරම්භ කළ මෙම වැඩවර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල සිදුකරන බවයි එම සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනයේ මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේ දී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කරන බවත් එම සංගමය අනතුරු අඟවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports