විපක්ෂය කියනකම් ඉන්න එපා චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වෙන්න – නාමල් රාජපක්ෂ

බාල ගල් අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩුබාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට. දැන් ඒක සාධාරණද.ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන හොරකම් කරපු කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරිනම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොලඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

“ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ නායකයෝ බිහිවෙන්න ඕන.නායකයන් බිහිවෙලා දේශපාලන පක්ෂ ශක්තිමත් වෙන්න ඕන.මම හිතනවා එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂය වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් අනුර කුමාර මහත්තයගෙ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් මේ හැමෝම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ඇතුළේ ජනතාව එක්ක දේශපාලනය කරන දක්වන උනන්දුව පිළිබඳව මම හිතන්නේ තරුණ දේශපාලඥයෙක් විදිහට නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් අපි ඉතින් අපි සතුටු වෙනවා අපේ ඉහල පරම්පරාවත් ඉතාමත් සක්‍රීයව දේශපාලනය කරන්න මැදිහත්වීම ගැන.මම හිතන්නේ මේ හැම සංකලනයක්ම තියෙන්න ඕන රටේ. පරිණත සහ ජේෂ්ඨ අත්දැකීම් තියෙන අයව පැත්තකට කරන්න බෑ.අපි ඒක තරුණයෝ විදියට තේරුම් ගන්න ඕනේ.මම හිතන්නෙ රටේ තරුණ පරම්පරාව රටේ තරුණ නායකයෝ බිහිකරනව නම් ඒ තරුණ නායකයෝ අතර ජ්‍යෙෂ්ඨ නායයින් ඉන්න ඕන. ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අත්දැකීම් මගහැරියම ඉතිහාසයටම සාපකරාම වර්තමානයට සහ අනාගතයට වෙන දේ අපිට පේනවනේ.ඒක නිසා ඉතිහාසයකට සාප කරන එක නෙවෙයි කළ යුත්තේ ඉතිහාසය අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන නවීකරණය වෙලා ඉස්සරහට යන්න ඕනේ.ඉතිං ඒ දේශපාලනඥයෝත් මේ සියලු දෙනාම මේ යථාර්ථය තේරුම් අරගෙන නූතන පරම්පරාවට ගැලපෙන විදියට හැඩගැහෙන්න ඕනේ.

මම හිතන්නේ ලෝකයේ මෙවැනි සිදුවීමක් සිදු වෙනකොට ලෝකයේ හැම රටක්ම සූදානම් වුණා.ඒක මේ ආයෙ අමුතුවෙන් අපි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි.හැබැයි ඉතින් ඒක තේරුම් නොගත්ත අයට විපක්ෂය වගේම රටේ ජනතාව බුද්ධිමත් ජනතාව මතක් කරලා දුන්නා.හැබැයි යම් තැන්වලදී ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ යම් තැන්වලදී ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරා. හැබැයි අර කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක පලපුරුද්දක් නැති ජේෂ්ඨත්වයක් නැති හින්දද කියන්න දන්නෙ නෑ සමහර කාරණා වලදී ක්‍රියාත්මක වුණේ නැහැ.ඒ වගේම තමයි අපි අද දකිනවා පරක්කු වෙලා හරි සමහර දේවල් ක්‍රියාත්මක කරනවා.පරක්කු වෙලා හරි එදා අපි කියපුවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් දැන්වත් අවුරුදු තුන හතරකට සැලසුම් කරන්නේ නැතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් සංවර්ධනය කරන්න ආයෝජකයෝ ගේනකොට මේ අය විරුද්ධ උනා. අධිවේගී මාර්ග හදනකොට බල්ලෝ බළල්ලුන්ට පාරමාරු වෙන්න බෑ කියලා කිව්වා වරායවල් හදනකොටත් එහෙමයි ගුවන්තොටුපොළවල් හදනකොටත් එහෙමයි.බලශක්තිය සම්බන්ධයෙන් බලාගාර හදනකොටත් එහෙමයි.එදා විරුද්ධ නොවුණා නම් අද සමහර විට මේ ආණ්ඩුවට මේ අභියෝගයට මුහුණ දෙන සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් තෙල් සංචිත තියෙනවා ගුවන් තොටුපලවල් යම්තාක් දුරකට සංවර්ධනය වෙලා තියෙනවා බල ශක්තිය පුනර්ජනනීය බල ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා.ඉතින් එදා තමන් කකුලෙන් ඇදපුව තමයි අද පස්සෙන් එන්නේ.ඉතින් දැන්වත් ඉතිහාසයට සාප කරාට කමක් නෑ තමන් ඉතිහාසය කරපු වැරදි අධ්‍යනය කරලවත් ආපහු ඒවා නොකර හිටියොත් හොඳයි.

බාල ගල්අඟුරු ගෙනාවා කියලා ආණ්ඩුවේ ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට දැන් ඒක සාධාරණද.ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට දැන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරි නම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ.

ලැම්බෝගිනි දහඅට වගේ තමයි උගන්ඩවේ සල්ලි වගේ තමයි ඩොලර් බිලියන 18 වගේ තමයි එංගලන්තේ බකින්හැම් මාළිගාව වගේ තමයි අර සාක්කුවේ දාගෙන හිටපු චෙක් වගේ තමයි හැමදෙයක්ම තමන් මේ රටේ ජනතාව රවට්ටලා ජනතාව මුහුණ දීපු ආර්ථික සමාජය දේශපාලන අස්ථාරත්වය සහ අභියෝගය පාවිච්චි කළා.ඒවා පාවිච්චි කරලා ජනතාව නොමඟ යවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කෙරුවා ඒක හරි වැරදි.දැන් ආණ්ඩුවටත් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවනේ තව අවුරුදු කීපයක් තියෙනවා දැන්වත් ආණ්ඩුව වැරදි හදා ගත්තොත් හොඳයි.

මේ අය කියපු බොරුවල හැටියට සැප වාහනයක යනවා කියන එක පොඩි දෙයක් හෙලිකොප්ටර් වල යන්නෙ නෑ කියලා ආපු අයනේ.ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ජනතාවට තියෙනවා.එක පැත්තකින් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ. අද බුද්ධි අංශ දුර්වල වෙලා වෙලා තියෙනවා. මහා සංඝරත්නට කරන අසාධාරණය සංස්කෘතියට වෙන විනාශය මේ කාරණා තුළ රටට වෙන හානිය වැඩියි.ආණ්ඩුව සැප වාහනයක ගියාට කමක් නෑ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරලා මහා සංඝරත්නය ආගමික නායකයෝ ආරක්ෂා කරගැනීම තමයි කළ යුත්තේ.

කන්ටේනර් දෙක පන්නපු අයගේ ලියුම් එළියට එනකොට කවුද බලපෑම් කළේ ඇයි කියලා තහවුරු වෙයි.අපිටනේ ඇඟිල්ල දික් කරේ දැන් ඔය කන්ටේනර් දෙක පන්නපු එක කන්ටේනර් 323 පන්නපුවා සමාජයට ඇත්ත තේරුම් ගන්න කොට කවුද ඒවා පිටුපස්සේ ඉන්නේ කියලා තහවුරු වෙයි.එතකොට ඔය ප්‍රශ්නය මගෙන් අහන එකක් නෑ.උත්තරේ හම්බවෙනවා ඒකෙන්.

මහින්ද රාජපක්ෂ හදපු වරායවල් ගුවන්තොටුපල් මේ වෙලාවේ උපාය මාර්ගිකවවැදගත්කමක් ලෙස ගන්නේ නැත්තේ මේ අය මහින්ද රාජපක්ෂනේ හැදුවේ.මොකද එහෙම උනත් ඒ අයට පිළිගන්න වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු ආයෝජන හරියි කියලා.ඒ හින්ද ඒවා අත ඇරලා දාලා දාලා ජනතාව පිට බර පටවලා ඉන්නවා.ඒක හරි වැරදි එහෙම කරන්න හොඳ නැහැ.

  • Related Posts

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 47 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 600 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 79 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 921 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1290 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.