මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව හැර ගියේ මුළු රටේම දෙනෙත් තෙත් කරවමින්.
අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…
අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව..

අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද?
පාසලේ විනය රකින්නට කැපවුණු ඒ දක්ෂ ශිෂ්‍ය නායකයා, නොහික්මුණු සිසුවකුගේ අමානුෂික පහරකෑමකට ලක්ව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක් මරණය සමඟ සටන් කර අවසානයේ පරාජය වුණා.
නිම්සර 11 වසරේ ඉගෙනුම ලැබූ, ගුරු දෙගුරුන්ගේ මෙන්ම ගම්වැසියන්ගේත් නොමඳ ආදරය දිනාගත් දරුවෙක්. පසුගිය 23 වනදා පාසල් විවේක කාලයේදී විනය විරෝධී ක්‍රියාවක යෙදුණු සිසුවකුට අවවාද කරන්නට ගිය අවස්ථාවේදී, 10 වසරේ ඉගෙනුම ලබන සිසුවකු නිම්සර සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. මෙය අවසන් වුණේ නිම්සරට එල්ල වූ දරුණු පහරදීමකින්.
සංවේදීම කරුණ නම්, මේ ගැටුම ගැන කිසිවෙකුට නොකියන ලෙස සිසුන් අතර වූ පොරොන්දුව නිසා නිම්සර නිවසට ගොස් මවට පවසා ඇත්තේ තමන් පාසලේදී ඇදවැටුණු බවයි.
නිම්සරගේ මව නදීකා ප්‍රියදර්ශනී පවසන්නේ තම එකම පුතු පළමුවැනි වසරේ සිට 11 වසර දක්වාම පාසලට රැගෙන ගියේත්, ආපසු රැගෙන ආවේත් ඇය විසින්ම බවයි. උපකාරක පන්තිවලට පවා තනිවම නොයවා දෑස් මෙන් රැකබලා ගත් තම පුතුට මෙවැනි අකල් මරණයක් අත් වේවි යැයි ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇති.
“මොන අපරාධයක් කළාටද දෙයියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ? අම්මා නැති වෙලාවක මේ දරුවා කොහොම තනි කරන්නද?”
නිම්සරගේ මවගේ මේ විලාපය අසා සිටි කාගේත් නෙතට කඳුළු උනන්නේ නිතැතින්මයි.
දක්ෂ, අහිංසක සහ ආචාරශීලී දරුවෙකු පාසලට මෙන්ම රටටත් අහිමි කරමින් සිදුකළ මෙම මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සිසුවා මත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට පරිවාස භාරයට පත් කර තිබෙනවා.
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












