කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන්..

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ පෙළේ සාදයක් පවත්වා ඇති බව වාර්තා වේ.

නෞකාවේ කුලිය, විදේශීය මත්පැන් සහ ආහාර පාන ඇතුළුව මෙම සාදය වෙනුවෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව සැලකේ.

මේ සඳහා ඔහුගේ ගෝලබාලයන්, හිතවතුන් සහ බිරිඳගේ මිතුරන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

ෂෙහාන් සත්සරගේ බිරිඳ වන දිල්ෂා නිශාරා එම සාදයේදී ගීත ගායනා කරන අයුරු ඇතුළත් දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

පාතාල මර්දන අංශවල නියුතු උසස් පොලිස් නිලධාරියෙකු විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත.

දෙහි බාලේ මල්ලි නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි පහක දේපළ සහ බහුදින ධීවර යාත්‍රා පහක් (මෙලීනා 01 සිට 05 දක්වා) පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කරනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පියවර ගෙන ඇත්තේ එම දේපළ ඔහුගේ බිරිඳ සහ ඥාතීන්ගේ නමින් මිලදී ගෙන තිබූ බැවිනි.

මීට අමතරව, මොහුගේ මෙහෙයවීමෙන් මෙරටට එවූ මත්ද්‍රව්‍ය තොග රැගත් යාත්‍රා කිහිපයක්ම මීට පෙර නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports