පුංචි තිරයේ වගේම රසික හදවත්වලත් නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ සොඳුරු රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ. ඇය ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් මුලින්ම පවසන්නේ ඇය සතු ඒ “අහිංසක සුන්දරත්වය” ගැනයි. සැබෑවටම අනුරාධා සතු වෙන්නේ අමුතුම ලස්සනක් ඒ වගේම වෙනස්ම විදිහක ආකර්ෂණයක්.
ඇය මේ දිනවල ඉන්නේ මැලේසියාවේ ඉතින් ඒ සංචාරය අතරතුරදි එකතු කරගන්න සොඳුරු මතක සිය ෆේස්බුක් ගිණුම හරහා රසිකයින් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරන්නෙ නෑ.






















