දිනක්ෂි ප්‍රියසාද්, ඊයේ පැවති SLIM KANTAR People’s Awards සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයක් ලබාගත් දිනක්ෂිට හැකිවෙලා.
ඊයේ ඇයගේ උපන්දිනය, විදෙස් ගත වුණු නිසා ඒ සම්මාන රාත්‍රියට සහභාගී වෙන්න බැරි වුණත් ඇයට කිසිදා අමතක නොවෙන ඒ දවස වෙනුවෙන් දිනක්ෂි මෙන්න මේ වගේ සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.
“මේ පාර උපන්දිනයට ඔයාලගෙන් ලැබුණු ලොකුම තෑග්ග. මෙවර SLIM KANTAR People’s Awards 2026 සම්මාන උළෙලේ,
– SLIM KANTAR PEOPLE’S TELEDRAMA ACTRESS OF THE YEAR
– SLIM KANTAR PEOPLE’S YOUTH CHOICE ACTRESS OF THE YEAR
– SLIM KANTAR PEOPLE’S ACTRESS OF THE YEAR
කියන සම්මාන කාණ්ඩ තුන යටතේ නිර්දේශ ලබා ඉන් PEOPLE’S TELEDRAMA ACTRESS OF THE YEAR සහ PEOPLE’S ACTRESS OF THE YEAR කියන සම්මාන දෙකම දිනන්න ලැබුණා.
මේක මගේ ජීවිතයේ තවත් සුවිශේෂී අවස්ථාවක්… මේ දක්වා විටින් විට නිර්දේශ ලැබුණත් SLIM KANTAR සම්මානයක් මට ලැබුණේ පළවෙනි වතාවටයි… ඒකත් එකක් නෙමෙයි දෙකක්… ඊටත් වඩා මගේ ලොකුම සතුටට කාරණය මේ සම්මාන දෙකම මං වෙනුවට ගන්න ගියේ මගේ ආදරණීය අම්මි…
මේ දවස්වල මං ලංකාවේ නෑ… ඉතින් මගේ උපන්දිනය දවසේ මට අම්මිට දෙන්න පුලුවන් වුණු ලොකුම තෑග්ග මේක කියලා මට හිතෙනවා… මොකද මගේ සාර්ථකත්වය පිටිපස්සෙ ඉන්න මගේ ලොකුම හයිය අම්මි… අම්මිගෙන් තමයි මං හැමදාමත් inspire වුණේ… ආදරණීය මිනිසුන්ගේ ආදරය සම්මානයක් විදියට මට ලැබෙන කොට ඒක මගේ අම්මා ගිහින් ගද්දී ඉතින් මීට වැඩිය අම්මිට දෙන්න පුලුවන් හොඳ තෑග්ගක් තවත් නෑ කියලා තමයි මට හිතෙන්නෙ..
ඒ වගේම නිර්දේශ වුනු අනිත් සම්මානය මගේ චූටි නංගි @shanudrie දිනපු එකට මං තරම් සතුටු වෙන අක්කි කෙනෙක් නැතුව ඇති…
ඉතින් මාව හැමදාමත් හොඳ නිර්මාණවලට තෝරගෙන ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන නිර්මාණකරුවන්ටත්… හැමදාම මාව හයියෙන් අල්ලන් ඉන්න මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් බොහොම ස්තූතියි!”

























