“මීට වැඩිය හොඳ තෑග්ගක් තවත් නෑ.. ” ඔවුන්ගේ පවුල අතර බෙදී ගිය ඒ සතුට ගැන දිනක්ෂි ආදරයෙන් කී කතාව මෙන්න..

ඇයට ඊයේ රාත්‍රිය ගොඩක් විශේෂ වුණා. ඒ හැමදාමත් තමගේ වැඩවලට 100%ක් මුල් තැන දෙන තැනැත්තියක්.

දිනක්ෂි ප්‍රියසාද්, ඊයේ පැවති SLIM KANTAR People’s Awards සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයක් ලබාගත් දිනක්ෂිට හැකිවෙලා.

ඊයේ ඇයගේ උපන්දිනය, විදෙස් ගත වුණු නිසා ඒ සම්මාන රාත්‍රියට සහභාගී වෙන්න බැරි වුණත් ඇයට කිසිදා අමතක නොවෙන ඒ දවස වෙනුවෙන් දිනක්ෂි මෙන්න මේ වගේ සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

“මේ පාර උපන්දිනයට ඔයාලගෙන් ලැබුණු ලොකුම තෑග්ග. මෙවර SLIM KANTAR People’s Awards 2026 සම්මාන උළෙලේ,
– SLIM KANTAR PEOPLE’S TELEDRAMA ACTRESS OF THE YEAR
– SLIM KANTAR PEOPLE’S YOUTH CHOICE ACTRESS OF THE YEAR
– SLIM KANTAR PEOPLE’S ACTRESS OF THE YEAR

කියන සම්මාන කාණ්ඩ තුන යටතේ නිර්දේශ ලබා ඉන් PEOPLE’S TELEDRAMA ACTRESS OF THE YEAR සහ PEOPLE’S ACTRESS OF THE YEAR කියන සම්මාන දෙකම දිනන්න ලැබුණා.

මේක මගේ ජීවිතයේ තවත් සුවිශේෂී අවස්ථාවක්… මේ දක්වා විටින් විට නිර්දේශ ලැබුණත් SLIM KANTAR සම්මානයක් මට ලැබුණේ පළවෙනි වතාවටයි… ඒකත් එකක් නෙමෙයි දෙකක්… ඊටත් වඩා මගේ ලොකුම සතුටට කාරණය මේ සම්මාන දෙකම මං වෙනුවට ගන්න ගියේ මගේ ආදරණීය අම්මි…

මේ දවස්වල මං ලංකාවේ නෑ… ඉතින් මගේ උපන්දිනය දවසේ මට අම්මිට දෙන්න පුලුවන් වුණු ලොකුම තෑග්ග මේක කියලා මට හිතෙනවා… මොකද මගේ සාර්ථකත්වය පිටිපස්සෙ ඉන්න මගේ ලොකුම හයිය අම්මි… අම්මිගෙන් තමයි මං හැමදාමත් inspire වුණේ… ආදරණීය මිනිසුන්ගේ ආදරය සම්මානයක් විදියට මට ලැබෙන කොට ඒක මගේ අම්මා ගිහින් ගද්දී ඉතින් මීට වැඩිය අම්මිට දෙන්න පුලුවන් හොඳ තෑග්ගක් තවත් නෑ කියලා තමයි මට හිතෙන්නෙ..

ඒ වගේම නිර්දේශ වුනු අනිත් සම්මානය මගේ චූටි නංගි @shanudrie දිනපු එකට මං තරම් සතුටු වෙන අක්කි කෙනෙක් නැතුව ඇති…
ඉතින් මාව හැමදාමත් හොඳ නිර්මාණවලට තෝරගෙන ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන නිර්මාණකරුවන්ටත්… හැමදාම මාව හයියෙන් අල්ලන් ඉන්න මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් බොහොම ස්තූතියි!”

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 48 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 603 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 80 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 922 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1290 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.