ඒ හලාවත, කාක්කපල්ලිය හන්දියේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් ඇතුළේදී කුඩා පිරිමි දරුවෙකුට සිදුවූ අතවරයක් සම්බන්ධ දර්ශන පෙළක්.
සැලූන් එක ඇතුළේ දරුවෙකුට මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් පුළුවන්ද ? අවුරුද්දකට පස්සේ අතටම අහු වුණ සෙල්ලම
සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේම එක්තරා වීඩියෝවක් ලැව්ගින්නක් වගේ පැතිර ගියා ඔබට මතක ඇති. ඒ හලාවත, කාක්කපල්ලිය හන්දියේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් ඇතුළේදී කුඩා..

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේම එක්තරා වීඩියෝවක් ලැව්ගින්නක් වගේ පැතිර ගියා ඔබට මතක ඇති.
මේ වීඩියෝව දැකපු කාන්තාවක් වහාම ක්‍රියාත්මක වෙලා ළමා හා කාන්තා කාර්යාංශයේ ‘109’ හදිසි ඇමතුම් අංකයට පැමිණිල්ලක් කරලා තිබුණා. ඒ අනුව හලාවත මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ මේ සිද්ධිය අද ඊයේ වුණු දෙයක් නෙවෙයි, මීට මාස කිහිපයකට කලින් ඒ කියන්නේ 2025 අගෝස්තු මාසයේදී සිද්ධ වුණු දෙයක් කියලා. අවුරුද්දකට ආසන්න කාලයක් රහසක්ව තිබුණු මේ සිද්ධිය සමාජ මාධ්‍යයට වීඩියෝවක් ආපු ගමන්ම පොලිසියට කොටු වුණා.
ඊයේ (21) හලාවත පොලිසිය මගින් සිදුකළ මෙහෙයුමකදී, මේ පිළිකුල් සහගත වැඩේට සම්බන්ධ වුණු වයස අවුරුදු 54 සහ 58 යන වයස්වල පසුවන කාක්කපල්ලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. තමන්ගේ දරුවෙකුගේ වයසේ ඉන්න අහිංසක දරුවෙක්ට මේ වගේ දෙයක් කරන්න තරම් මේ මිනිස්සුන්ගේ හිත දරුණු වුණේ කොහොමද කියලා දැන් හැමෝම ප්‍රශ්න කරනවා.
අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් දෙන්නාව අද (22) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












