ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මස් , බිත්තර මිලත් ඉහලට…

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 40 ක් දක්වාද, හම සහිත ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින්ද ඉහළ ගොස්..

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බිත්තරයක මිල රුපියල් 40 ක් දක්වාද, හම සහිත ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින්ද ඉහළ ගොස් ඇත.

කුඩා ප්‍රමාණයේ බිත්තරයක මිල රුපියල් 37 ක් දක්වාද, මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක මිල රුපියල් 39 ක් දක්වාද, ලොකු (රතු) බිත්තරයක මිල රුපියල් 41 ක් දක්වා වැඩිවී තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම, කුකුළු ගොවිපොළ කටයුතුවලට දැඩි ලෙස බලපා ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්.ගුණසේකර පැවසීය.

කුකුළු ගොවිපොළවල කුඩා පැටවුන් උණුසුම් කිරීමේ කටයුතුවලට ගෑස් භාවිත කරන බවත්, කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ යාම අසාමාන්‍ය ලෙස කුකුළු ගොවිපොළ කර්මාන්තයට බලපා තිබෙන බවද ඔහු කීවේය.

කුකුළු ගොවිපොළවලින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ සම සහිත කුකුළු මස්ය. මේ වනවිට එම කුකුළු මස් කිලෝවක මිල 1,200 ත් 1,250 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට දිනකට සම සහිත කුකුළු මස් මෙට්‍රික් ටොන් 700 ක් පමණ වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේය. මාසයක කුකුළු මස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 22,000 කි.

ඩීසල් මිල ඉහළ යාම නිසා බෝට්ටු මුහුදු යාම අඩුවීමෙන් වෙළෙඳ පොළට ලැබෙන මත්ස්‍ය අස්වැන්න අඩුවීම, ඌරු මස් නිෂ්පාදනය අඩාල වීම, හරක් මස් කිලෝවක මිල රුපියල් 2,800 ක් දක්වා ඉහළ යාම, එළු මස් කිලෝවක මිල රුපියල් 3,500 ඉක්මවා යාම ආදී කරුණු නිසා කුකුළු මස් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය. මේ වනවිට තවමත් ලාභයට පවතින්නේ කුකුළු මස් බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports