“ගේ ඉස්සරහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බෝඩ් දෙකයි.. මගෙ අම්මයි තාත්තයි බුදු වෙන්නෝනි අපිව මේ තැන් වලට ගෙනාවට” අද ඇසෙන ආදරණීය කතාවක්

වෙහෙස මහන්සි වී ඉගෙනගෙන, ජීවිතය ජයගන්නා දරුවන් දෙස බලා මව්පියන් ලබන සතුට වචන කරන්නට බැහැ. ඒ සතුට දෙගුණ තෙගුණ කරමින්, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙරට..

වෙහෙස මහන්සි වී ඉගෙනගෙන, ජීවිතය ජයගන්නා දරුවන් දෙස බලා මව්පියන් ලබන සතුට වචන කරන්නට බැහැ.

ඒ සතුට දෙගුණ තෙගුණ කරමින්, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙරට ඉහළම වෘත්තියක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ අපූරු පුවතක් අපට වාර්තා වුණා.

අද දින නිකුත් වූ 2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශිෂ්ඨ ලෙස සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ තම ආදරණීය නංගි වෙනුවෙන් ඇගේ අක්කා සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

“ගේ ඉස්සරහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බෝඩ් දෙකයි.. මගෙ අම්මයි තාත්තයි බුදු වෙන්නෝනි අපිව මේ තැන් වලට ගෙනාවට… මගෙ නංගී…. උඹ මගෙම නංගි තමයි”

තමන් නීතිඥවරියක ලෙස කටයුතු කරන අතරතුර, තම එකම සහෝදරියත් එම ගෞරවනීය මාවතටම පැමිණීම ගැන ඇය තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. දියණියන් දෙදෙනෙකුම මෙවැනි උසස් තැන් වලට රැගෙන ඒමට කැපවුණු ඒ මව්පියන්ටත්, ජයග්‍රහණය ලැබූ නංගිටත් සැබවින්ම වාසනාවන්තයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports