“යූටියුබ්” මාධ්‍යයේ වගේ ම ‘සමාජ මාධ්‍ය’ තුළත් අතිශය ජනප්‍රිය ‘අශේන් සේනාරත්න’ මේ වෙන කොට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන චරිතයක්.

ඒ මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමත් එක්ක.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට ඔහුගේ නාමයෝජනාව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඊයේ ඔහු ගොස් තිබුනේ ස්වාධීන කණ්ඩායමේ නායකයා ලෙසයි.

කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාමයෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.

මෙම සංසිද්ධියෙන් ඔහු කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිය මුහුණු පොත හරහා ඒ පිලිබදව විස්තර කිරීමට කටයුතු කර තිබුණා.

අනතුරුව ඊයේ රාත්‍රියේද සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබදව පැහැදිලි කිරීමට ඔහු කටයුතු කර තිබුණා.

එහිදී තමා නීති ශිෂ්‍යයෙකු ලෙස නීතිය හදාරා තිබෙන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාට එරෙහිව නඩු මගට යන බවත් පවසන ඔහු උසාවියේදී හමුවෙමු යයි එම වීඩියෝවෙන් සදහන් කරනවා.

 

You Missed

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්
රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….
අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…
අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…